මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේය.
එමෙන්ම අද පස්වරුවේ මැතිවරණ නිරික්ෂකයින් සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඔහු සදහන් කළේය.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.