බිබිල – අම්පාර මාර්ගයේ ළිඳකුඹුර ප්රදේශයේදී ලංගම බසයක් පෞද්ගලික බසයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් සහ මගීන් 45 දෙනකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
බිබිල මැදගම ප්රදේශයේ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් සිය සේවා මුර අවසන් වී නිවෙසක් කරා ප්රවාහනය කළ පෞද්ගලික බසයේ එම මාර්ගයේ එකම දිසාවට ධාවනය වූ ලංගම බසය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙ.
අනතුරින් පසු බසය මීටර් 20 පමණ දුරට ඇති ගොස් ඇති අතර පෞද්ගලික බසයට බරපතල ලෙස හානි සිදුව තිබේ. තුවල කරුවන් අතර ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් මෙන්ම ලංගම බසයේ මගීන්ද සිටින බව බිබිල පොලිසිය කියයි.
තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්රකාශකයෙක් කීය.
අනතුර සිදුවන අවස්ථාවේ පෞද්ගලික බසයෙ ඇඟළුම් සේවක සේවිකාවන් 55 – 60 අතර ප්රමාණයක් ගමන් කර ඇත.