මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල පුද්ගලයා සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සඳහා මෙසේ ජතික රෝහලට මාරු කළ බවත් ඔහු ජාතික රෝහලේ 72 වාට්ටුවට ඇතුළත්කර ඇති බවත් එම ප්රකාශකයා කීය.
වාද්දුව ශ්රී වික්රම පාරේ පදිංචිකරුවෙක් වන ප්රසන්න රම්යජිත් ප්රනාන්දු නැමැති පුද්ගලයා විමර්ශනයක් සඳහා පැමිණි අවස්ථාවේදී මොරටුමුල්ල පොලිසිය තුළදී ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පහර දුන්නේ යැයි ඔහු පොලිස් මූලස්ථානයට පැමිණළි කර තිබේ.