චීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලක්වී සිටි , චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ .
28 හැවිරිදි මෙම චීන ජාතිකයා , එරට මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් , චීනයට අවශ්‍යව සිටි පුද්ගලයෙකි .
මොහු ඉකුත් 03 දින මාළදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි