හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (26) පැවසීය.
නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය පියවර ගෙන ගෙන ජාත්‍යන්තර මිල ගණන් කැඳවා විදේශ සමාගමකින් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇනවුම් කර ඇති බවත් විදේශ ගමන් බලපත්‍ර හිඟය පිළිබඳව අවදානය යොමු කර සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් එම සමාගමෙන් ගැනීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
එම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රවලින් සියයට 23 ක් පමණක් විදේශගත ඇති බව කියන ආගමන විගමන පාලක ජනරාල්වරයා ඇනවුම් කර ඇති විදේශ ගමන් බලපත්‍ර තොගය ලැබෙන තෙක් අත්‍යවශ්‍යම හේතුවකට හැර ගමන් බලපත්‍ර අයදුම් නොකරන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී වන ප්‍රමාදය හේතුවෙන් ජනතාවට වන අපහසුතාව පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.