පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක හයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 32ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඹ්විට, දැරණියගල, වරකාපොල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්තොට, රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, අයගම, කිරිඇල්ල, කලවාන, ඇහැලියගොඩ, ඇලපාත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කොට ඇත.
කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, අගලවත්ත, දොඩංගොඩ, මතුගම, හොරණ කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල, ගලිගමුව, අරනායක, රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය නිතුක් කොට තිබේ.
මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන් අද (21) පස්වරු 4.00 දක්වා වලංගු බවත්, එම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.