රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක ආ පුද්ගලයකු 5000 හොර නෝට්ටු 102 සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු බදුල්ලේ සොනාතොට පදිංචිකරුවෙකි.
රන්මාලයක් ඉල්ලා පන්දහසේ නෝට්ටු මිටියක් මේසය මත තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත පොලිසිය දැනුවත් කර ඇත. පසුව සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරිමේදී ඔහු සතුව තිබූ හොර සල්ලා මිටිය සහ පෙන්ඩ්රියිව් එකක් ද පොලිස් බාරයට ගෙන ඇත.