වත්තේගම මීගම්මනවත්තේ පදිංචි තම බිරිය සහ කුඩා දරුවා පුළුස්සා පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සෙබළකු අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි.
මීගම්මනවත්ත ප්රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති 24 හැවිරිදි බිරිය සහ වසර එකහමාරක් වයස ඇති කුඩා දරුවා සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරකට අනුව 39 හැවිරිදි ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
තුවාල ලැබූ කාන්තාව සහ දරුවා ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .