තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේ දී පසුගිය 06 වැනිදා මෙම ඝාතනය සිදුව තිබුණි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අපරාධය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීට අදාළ සැකකරුවන් දෙදෙනෙකු පාදුක්ක ගාලබැදිහේන ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 34ක් වසසැති උඩුමුල්ල හා වටරැක ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
අපරාධය සඳහා යොදාගත් යතුරුපැදි 02ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.