මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි සිසුවෙකු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ .
කටුගස්තොට රණවන පාරේ පදිංචි මොහොමඩ් මුඛාරත් මුජාහිත් නැමැති එම සිසුවා ඊයේ (12) දින පාසල් යාමෙන් අනතුරුව නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන්ය .
එම සිසුවා ඊයේ(12) පෙරවරු 6.00 පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද මව විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන්ය .