බෙලිඅත්ත කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.
බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.