පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 ට යෙදීම නිසා ප්‍රශ්චාත් මැතිවරණ කටයුතු කෙලෙස සිදුවේදැයි අපේක්ෂා කළ නොහැකි බැවින් මෙම තීරණය ගත් බවද ඔහු කීය.
මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 20 සිට 29 තෙක් බවද ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වී මේ වසරට වසර 25ක් සැපිරීම සුවිශේෂ කාරණයක් නිසා ප්‍රදර්ශනය උත්කර්ෂවක් දෙස ලෙස සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර ප්‍රධාන ආරාධිතයා වශයෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ කටයුතු කර දැනට ජීවතුන් අතර සිටින පෙර සභාපතිවරු 06 දෙනෙක් සහභාගි කරගන්නා බවද ඉන්දීවර මහතා සඳහන් කළේය.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙතෙක් කළ මෙහෙවර පිළිබඳව ජනතාවට මෙවර ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය .මෙවර ප්‍රදර්ශනයේදී පොත් කුටිවල වැඩිවීමක් සිදු නොවුණත් ක්‍රියාකාරකම් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද සමන්ත ඉන්දීවර මහතා සඳහන් කළේය.