ශ්රී ලංකා දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊ (03) රාත්රියේ නිවේදනය කළේය.
දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්විය.
ඒ හේතුවෙන් සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී ඇත.
මෙහිදී ශ්රී ලංකා ක්රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියේ හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බවයි.