යතුරුපැදියක් අනතුරට ලක්කර 7 හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත්කල බව කියන ලොරි රථය රියදුරු සමග ඊ (02) දා රාත්රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් බල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බලන්ගොඩ නගරයේ දි මෙම ලොරි රථ රියදුරු විසින් යතුරුපැදියක ලොරි රථය හප්පා හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලා ගොස් තිබුණ.
පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර එහිදී ලොරි රථ රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා එම පියා මරණයට පත් කර පලාගොස් තිබුණි.
ඒ අසල නිවසක සවිකර තිබුණ සිසිටිවි දර්ශන පරික්ෂාකර ලොරි රථය හදුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
සැකකරු හෙට (03) දා බලන්ගොඩ වැඩ බලන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.