ඉතාම පහළ රැකියාව කරන පුරවැසියාගේ සිට ඉහළ යැයි පිළිගන්නා රැකියාව කරන පුරවැසියා දක්වා නීතිය සමව ක්‍රියාත්මක වන රටක් කළාකරුවන් බලාපොරොත්තු වන බවත් කළා නිර්මාණයකට වටිනාමක් දෙන යුගයක් බිහිකිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත් සමඟි ජන බලවේග කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඊයේ (1) පැවසුවාය.
සමඟි ජන බලවේග කලා සංගමය කොළඹදී ඊයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී දමිතා අබේරත්න මහත්මිය එසේ පැවසුවාය.
රටේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට වාසි ගෙන දෙන ආකාරයට බදු මුදල් අඩු කර අදූරදර්ශී පාලනයක් ගෙන ගොස් රටේ ආර්ථිකය විනාශ කළ බවත් ඉන්ධන, කිරිපිටි නොමැතිව පෝලිම් ඇතිව ආර්ථික බර කුස්සියේ ඉන්න මවට දරාගැනීමට නොහැකි වීම නිසා කළාකරුවන් ලෙස තමන් ඇතුළු පිරිසක් පාරට බැස්ස ජනතාව සමඟ අරගලයක් කළ බවත් ඇය පැවසුවාය.
මෙරට ආර්ථිකය ඝාතන කළ පුද්ගලයන් තව දුරටත් මෙරට පාලකයන් නොවිය යුතු බව කී අබේරත්න මහත්මිය මහ පාරේ පුරවැසියන් ඝාතනය කරන තත්වයකට රට අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව ද සඳහන් කළාය.
තුවක්කු තියෙන්නේ වෙඩි තියන්න යැයි නීති හා සමය රකින ඉන්න අය ප්‍රසිද්ධයේ කියන තත්වයකට රට පත්ව ඇති බවත් මෙවැනි අවිනිශ්චිත තත්වයක රට පත්ව ඇති අවස්ථාවක රටට ආදරය කරන සංවේදී නායකයෙක් පත්කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය කීවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට හොරු රැළක් ආරක්ෂා කිරීමේ වගකීම භාරගනෙ ඇති බව ද දමිතා අබේරත්න මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.
මෙරට හෙනයක් සහ සාපයක් මැද සිටි කාලය අවසන් කළ යුතු බවත් රාජපක්ෂ සහ වික්‍රමසිංහ යුගයේ මෙරට පුරවැසියන් විදිය හැකි උපරිම දඩුවම් විද ඇති බවත් එහිදී සංගීත ශිල්පී පේෂල මනෝජ් මහතා පැවසීය.
හය වරක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් අලුත් යුගයක් ගැන කථා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මාර නම් එක්සත් ජාතික පක්ෂය බිංදුවට නොවැටෙන බවත් පේෂල මනෝජ් මහතා කීය.