මාරවිල පහල වලහපිටියේදී දෙපිරිසක් ඇතිවු ගැටුමක් අතරතුරදී එල්ලවු තියුණු කඩු පහරකින් ගැටුමට මැදිවු තරුණයකුගේ අතක් මැණික් කටුව අසළින් වෙන්වි ඇති බවත්, අතෙහි එම කොටසද ගැටුම වු ස්ථානයේ දමා තුවාලකරු පැන ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි.
කලක සිට පැවති පුද්ගලික ආරවුල දුරදිග යාමේන් පසු සැකකාර එක් තරුණයකු අනෙක් තරුණයාට කඩු ප්රහාරයක් එල්ල කර ඇති බව කියයි.
මෙම ගැටුමෙන් කඩු පහරට ලක්වි අත මැණික් කටුව අසළින් වෙන්වි ඇත්තේ පහල වලහපිටිය ප්රදේයේ පදිංචි 23 හැවිරිදි තරුණයකුගේ බව කියයි පොලිසිය කියයි.
මාරවිල රෝහලට ඇතුලත් කල අත කැපි ගිය තරුණයාගේ තත්වය බරපතල විමත් සමග ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව කියයි. සැකකරු පහළ වලහපිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක දෙදරු පියෙකි.