ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න කියලා පක්ෂය කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
නමුත් පක්ෂය ඒක තීරණය කරන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා අද ප්‍රකාශ කරන බවත් එතකන් ඉවසන්නයි ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීය.
පක්ෂය සුදුසු තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් ඊයේ (ඊයේ) කළ විමසුමකදීය.