විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (18) උපදෙස් දුන්නේය.
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා පළවිය.
මේ සම්බන්ධයෙන් අප අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවර ගන්නා බවයි.
ඡන්දය කල් දැමීම සඳහා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන්ද පසුගියදා චෝදනා එල්ල කෙරිණ.