කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට පසුගිය 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්රහාරයකින් තුවාල ලැබු දෙදෙනකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ දායකයන් දෙදෙනකු වන අතර සුළු තුවාල ලැබු තවත් කුඩා දරුවන් දෙදෙනකු නිවෙස් වලට රැගෙන ගොස් ප්රථිකාර ලබා දී ඇති බව කියයි.
අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ වැඩ වාසය කල විහාරවාසි දඹුල්ලේ සාරද හිමියන් උපසම්පදා විනය කර්මය පිහිටුවිමේන් පසු විහාරස්ථානයට වැඩම කර අදාල උත්සවය සංවිධානය කර තිබුණි.
එම උත්සවයට වයඹ පළාතේ ප්රධාන අධිකරණ සංඝනායක තම්මැන්නාවැටියෙ රතනජෝති හිමියන් ඇතුළු මහ සංඝරත්නය මෙම උපසම්පදා පිළිගැනිමේ උත්සවයට එක්ව සිටි අතර .
එම උත්සවය පැවැත්වෙමින් තිබියදී විහාරස්ථානය ඉදිරිපස මාර්ගයෙ දෙසින් මාර්ගය අසල රැදි සිටි පිරිසක් රතිඥඥා පත්තු කරමින් හු කියමින් ගැටුම්කාරි තත්වයක් නිර්මාණය කරමින් තිබු බව කියයි.
ඒ සමග එය බැලිමට ලුම්බිණී විහාරස්ථානයෙ සිට මාර්ගය දෙසට පැමිනි දායකයන් පිරිසට මාර්ගයෙ සිටි පිරිස එකවර ගල් මුල් ප්රහාරයක් එල්ල කරන්නට වු බව පැවසෙයි.
ඒ සමගම අදාල සිද්දීය විඩියෝ කල ලුම්බිණී විහාරයෙ දායකයකුට මාර්ගයෙ සිට පිරිස පොලු මුගුරු වලින් පහර දි හෙල්මටයකින්ද පහර දීම සිදුව තිබේ.
ඔහු බේරා ගැනිමට ගිය තවත් අයකුටද මෙම කලහාකාරි පිරිස පහර එල්ල කර තිබේ කෙසේ වෙතත් ලුම්බිණි විහාරස්ථානයෙ සිටි දායකයන් මෙම සිද්දිය දැක දැඩි බියට පත්ව විහාරස්ථානය තුළම රැදි සිට තිබුනී.
මෙලෙස කලහාකාරි ලෙස හැසිරුණ පිරිස අතර කාන්තාවන්ද වු බවත් එසේ සිටි කාන්තාවන් අත ගල් හා මුගුරු තිබු බවද කියති.