භාණ්ඩ ආනයනය කර ශ්රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (17) සිතාසි නිකුත් කරමින් නියෝග කළේය.
ශ්රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් පි.බි.එස්.සී.නොනිස් මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම සිතාසය නිකුත් කළේය.
වගඋත්තරකාර සමාගම රුපියල් 173838630.00 මුදලක් නොගෙවා පැහැර හැර ඇතැයි රේගුනිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා විත්තිකාර සමාගමට අගෝස්තු 26 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළේය.