වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” ආයතනය සිය වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ.
එම ආයතනය මඟින් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ජූලි මාසයේ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පෙබරවාරි මාසයේ වත්මන් ආණ්ඩුව පිළිබඳව සියයට 7ක්ව පැවති ජනතා ප්‍රසාදය මෙම මාසය වන විට සියයට 24 දක්වා ඉහළගොස් තිබේ.
එම සමීක්ෂණයට අනුව වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 28ක් ප්‍රකාශකර ඇති බව සඳහන්ය.
මෙරට ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බවට සියයට 30ක් ප්‍රකාශ කර ඇති බව “වෙරිටේ රිසර්ච්” ආයතනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර ජූලි මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 85,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජුලි මස 14 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 85,426 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවය.
ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් 1,095, 675 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 207,966ක්.
රුසියාවෙන් සංචාරකයින් 116,019 දෙනෙකු පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය යෙන් සංචාරකයින් 97,055 දෙනෙකු පැමිණ තිබේ.
ඊට අමතරව ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේය.