කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඒ සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ත් 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
ඔහු අවසන් වරට අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් හැඳ සිටින බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර අයගම, ඇරැපෝරුව ප්‍රදේශයේ හිසේ තුවාල සහිතව අයගම රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, ඇරැපෝරුව, උස්වත්ත, අයගම ලිපිනයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු නිවසේ තනිවම සිට ඇති අතර බිරිඳ ඇයගේ මවගේ නිවසට ගොස් සිටි ඇත.
පුතා පන්සලට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවට පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.