පිළිකා රෝගයට ප්රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය අද (14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැමිණෙන බව කෙන්සින්ග්ටන් මාලිගය තහවුරු කළේය.
අවසන් තරඟය අද (14) කාර්ලෝස් ඇල්කරාස් සහ නොවැක් ජොකොවික් අතර පැවැත්වෙන අතර එහිදී ජයග්රාහකයාට කුසලානය පිරි නැමීමට කේට් කුමරිය කැමැත්තෙන් පසුවන බවද කෙන්සින්ග්ටන් මාලිගය නිවේදනය කළේය.
පසුගිය මාර්තු මාසයේදී තමන් පිළිකා රෝගයට ගොදුරු බව කේට් කුමරිය ප්රකාශයට පත් කිරීමෙන් පසුව මහජනතාව ඉදිරියේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙය වේ. කේට් කුමරිය ටෙනිස් ක්රීඩාවට හපන්කම් දක්වන්නියක් බවත් ඇය ටෙනිස් ක්රීඩාවට බොහෝ ප්රිය කරන බවත් කෙන්සින්ග්ටන් මාලිගය පැවැසුවේය.