පොලිස් වෙඩි ප්රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ” නිදහසේ නවාතැන” සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ප්රදර්ශනය කර තිබෙන අයුරු අද දක්නට ලැබිණි.
” අපේ අයියේ…… එක එක්කෙනා එවනවා අපි එනකම් බලාගන්න…. යනුවෙන් මධුෂ් ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර පහතින් කේ. පි. අයි. යනුවෙන් ඉංග්රීසි අකුරු තුනක් සටහන් කර ඇත.
ඉකුත් 8 වෙනිදින අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්යාපාරික වසන්ත සුරේන්ද්ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් ටි 56 ජීව උන්ඩ වල ද සටහන්ව තිබූනේ කේ. පි. අයි. යනුවෙනි.
මා කඳුරේ මදුශ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බව ප්රංශයේ දේශපාලන රැකවරණය ලබා සිටින කන්ජි පානි ඉම්රාන් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් කියවිණි.