ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් සහනයට පත් වූ බවද එහි සඳහන්ය.
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන නීති වලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.