කොස් ගස් දෙකක් අනවසරයෙන් කපා දැමීම හේතුවෙන් වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ ගබඩා සංකීර්ණය බාරව සිටින කළමණාකරු සහ තවත් අයෙකු ඊයේ (13) සවස අත් අඩංගුවට ගත බව වාරියපොල පොලිසිය කියයි.
වාරියපොල සමුපකාරයේ ගබඩා සංකීර්ණයේ ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් පැවැති ශ්‍රමදානයකදී මෙසේ කොස් ගස් දෙකක් කපා දමා ඇති බවට පසුගිය 06 වන දින පොලිස් 119 අංශයට පැම්ණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය පවසයි.
මෙම ශ්‍රමදානය සඳහා සමුපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී ඇතිබවද පොලිසියට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණ වලදී ඊයේ (13) දිනයේ ගබඩා පරිශ්‍රයේ කළමණාකරු ඇතුළු පිරිසක් පොලිසියට කැඳවා සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
වාරියපොල සමුපකාරය ජාතික ජනබළවේගයේ අධ්යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබයි.