රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැලපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (13) එක් වෙමිනි.
පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බවත්, වසර 5කට බලය ලබා ගන්නේ කෙසේද කියා සහ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද කියා සිතන දේශපාලන ක්‍රමය වෙනුවට ජාතික මට්ටමින් සිතා කටයුතු කළ හැකි දේශපාලන ක්‍රමයක් ඉදිරියට ද රටට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.