රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි බන්ධනාගාරගත කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයාගේ මූහුණ තවත් රැඳවියෙකු විසින් බ්ලෙඩ් තලයකින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස බොරැල්ල පොලිසියට දන්වා සිටියේය.
සැකකාර ලසන්ත ධර්මරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත හෙට්ටිආරච්චි මහතා ඉදිරිපත් කළ මෝෂමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන සැකකරුගේ මුහුණ පසුගිය 10 දින පාතාල නායකයෙකුගේ ගෝලයෙකු විසින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත් කළේය.
සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් කඩිනමින් අවසන් කරන ලෙස අල්ලසූ දූෂණ විමර්ශන කොමිසමට දන්වා සිටි මෛත්රාත්වරයා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 19වෙනි දින කරුණු ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියේය.
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයකුගෙන් පළමුව රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන ඉතිරී රුපියල් 154200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන පසුගිය හයවෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.