ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇත.අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 :ආ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ,ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්, සකස් කිරීම පිණිස ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30:02 , 62:2 සහ 83:ආ යන ව්‍යවස්ථාවන් හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරික්ෂණය වී ඇතැයි රජයේ මතය බව අදාළ යෝජනාවේ සඳහන් වෙයි.
ඒ පිළිබඳව වන සැකය මඟ හරවා ගැනීම සහ කවර හෝ අනනුකූලතාවයක් ඉවත් කිරීමට ,සාවුරුද්දක් ඉක්මවා, යන වචනය වෙුනවෙන් ,පස් අවුරුද්දක් ඉක්මවා, යන වචනය ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83:ආ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.