අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවා මහත්මියට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
මාධ්‍යට අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට ඇය රෝහල් වාට්ටුවක දැඩි නිරීක්ෂණය යටතේ පසුවන බවය.
මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබු සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.
ක්ලබ් වසන්ත ඝාතනය සිදුකළ ඝාතකයින් පළාගිය වෑන් රථයේ හිමිකරුවන් සම්බන්ධයෙන් ද මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් එම වෑන් රථය හිමිකරුවන් කිහිපදෙනෙකු විසින් ලියාපදිංචි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයාබලමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.
ඝාතකයින් පළාගිය වෑන් රථය ඊයේ පස්වරුවේ බුලත්සිංහල ප්‍රදේශයේ දී සොයාගනු ලැබීය.
බුලත්සිංහල, දෙමැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී වෑන් රථය සොයාගත් අතර වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද කඩුවෙල කොරතොට ප්‍රදේශයේ තිබී සොයාගත් බව පොලීසිය පැවසුවේය.