පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකුට පොලීසිය වෙඩිතැබීමක් සිදුකර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් ත්‍රීරෝද රථයක් අනතුරට ලක් කර මෝටර් රථයකින් පළාගිය පුද්ගලයෙකුට මෙලෙස අතුරුගිරිය පොලීසිය විසින් වෙඩිතබා ඇත.
වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර ඔහු රෝහල්ගතවීමට යෑමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) රාත්‍රියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රීරෝද රථයකින් පිළියන්දල ප්‍රදේශයට ගොස් ඇත.
පොලීසිය පැවසවේ එහිදී මත්ද්‍රව්‍ය රැගෙන මෝටර් රථයක පැමිණි බවට තොරතුරක් ලැබුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථය හප්පා එම ස්ථානයෙන් පළායෑමට උත්සාහ කර තිබූ බවය.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා තිබුණි.