බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසකට පැමිණ වෙස්වලාගෙන සැඟව සිටි අනෙක් රැඳවියා සමග ඊයේ අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපොල ඔලබොඩුව හන්දිය ජාතික තරුණ සේවා මාවතේ පදිංචි රොෂාන් අසංක නොහොත් සුද්දා නැමැති (29) හැවිරිදි රැඳවියාය.
මොරගහහේන පොලිසියට අනුයුක්ත පානදුර කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් කොස්තාපල් (91214) වන්නි නායක මහතාට ලද තොරතුරකට අනුව සැකකාර රැඳවියා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රැදවියා සමඟ පලා ආ අනෙක් රැදවියා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබිණි.
වරකාපොල පොලිස් බල ප්රදේශයේ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් වරකපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වරකාපොල තුල්හිරිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර තිබිණි.
රැඳවියන් දෙදෙනා වරකාපොළ තුල්හිරිය මහේස්ත්රාත් අධිකරණයේ නඩුවකට යළි ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් 28 වෙනිදින කුරුවිට බන්ධනාගාරයේ සිට එහි නිලධාරීන් බන්ධනාගාරයට අයත් බස් රථයකින් රැගෙන විත් අධිකරණ සිරමැදිරිය කරා රැගෙන අවස්ථාවේදී රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.