රත්මලානේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරාගත් “රත්මලානේ බුරියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සොකරම සිදුකර දින පහක් වැනි කෙටි කාලයක් තුළදී සැකකරු ව අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පැවසීය.
සැකකරු විසින් සොරාගෙන තිබු දේපොළ අතර පවුම් 11 1/2 ක් බර තැල්ලක් සහිත මාලයක්, වළලු දෙකක් හා මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් මස 24 වෙනිදින නිවසේ සිට කාන්තාව සහ ඔහුගේ සැමියා රැකියාව සඳහා පිටව ගොස් සිටි අවස්ථාවේදී වැඩිමල් පුතු නිවසේ නිදාගෙන සිට ඇති අතර පොඩි පුතු නිවසේ ඉදිරිපස දොර වසා දමා යතුර නිවස ඉදිරිපිට තබා තිබෙන සපත්තු රඳවනය තුළ සඟවා ක්‍රීඩා කටයුතු සඳහා නිවසින් පිටව ගොස් තිබුණි.
ඒ අතරවාරයේදී නිවස ඉදිරිපිටට පැමිණි සැකකරු, සඟවා තිබූ යතුර දැක එය රැගෙන ඉදිරිපස දොර විවෘත කරගෙන නිවස තුළට ගොස් අල්මාරිය තුළ තිබූ රත්රන් සොරාගෙන පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු නිවස ඉදිරිපිටට පැමිණ නිවස තුළට ඇතුලුවෙන අයුරු ඉදිරිපිට නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
මීට පෙර සිදුකළ සොරකම් රැසකටද සම්බන්ධ අදාළ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් රන් මුදුවක් රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රුපියල් 90,000 උකස්කර තිබියදී සොයාගැනීමට සමත් වී ඇත.
සෙසු භාණ්ඩ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගෙන ඇති අතර 50 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.