අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා ඊයේ (27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරු විසින් මෙසේ ඝාතනය කොට තිබුණේ තෙල්වත්ත මළවැන්න දකුණ පදිංචි 47 හැවිරිදි සිව් දරු පියකු වන ගෝන පිනුවලගේ තුසිත කුමාර නමැත්තෙකු බවද පොලීසිය කියයි.
මේ මල් ශාලා හිමිකරු ඝාතනය කර තිබුණේ ජුනි මස 25 වැනිදා රෑ බවත් මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුණේ ඔහුගේම මල් ශාලාවේ සේවය කළ සේවකයකු බවද පොලීසිය කියයි.
සැකකරු වතුගෙදර ආදාදොළ පදේශයේම පදිංචි විසිඅට හැවිරිදි දෙදරු පියෙක් බවත් මල් ශාලා හිමිකරු සිය භාර්යාව සමග පවත්වාගෙන යතැයි කියන අනියම් සම්බන්ධතාවය මේ ඝාතනයේ හේතුව බව අනාවරණයවූ බවත් පොලීසිය කියයි.