යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (24) රාත්රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, පොල්පගොඩ, යක්කලමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.