නාවික හමුදාවේ උසස් නිලධාරිනියකට සහ සාමාන්‍ය සෙබලියකට වට්සැප් තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමු කර ලිංගික ක්‍රියාවන් සඳහා ඇරයුම් කර තර්ජනය කළ හිටපු නාවික සෙබළුකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු එම ක්‍රියාව සඳහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.
නොහඳුනන පුද්ගලයකුගෙන් ලිංගික ක්‍රියාවන් ඇතුලත් දර්ශන වට්සැප් තාක්ෂණය ඔස්සේ තම ජංගම දුරකථනයට යොමු කර ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඇරයුම් කරන බව නාවික හමුදාවේ සාමාන්‍ය සෙබළියක් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය කියයි.
එහිම උසස් තනතුරක් දැරූ නිලධාරිනියක් තමන් සමීපව ඇසුරු කර ඉවත් වූ නාවික හමුදා සෙබලෙකු තමන්ගේ නිරුවත් දර්ශන පුද්ගලයන් කීප දෙනෙකු වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇති බවත් ඔහු එම දර්ශන තවත් පුද්ගලයන්ට යොමු කරන බවට තර්ජනය කරන බවත් පවසමින් පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.
අදාල පැමිණිලි සම්බන්ධයෙන් නවීන තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම ක්‍රියාකාරකම් දෙකම දකුණු පළාතේ පදිංචි එකම පුද්ගලයකු කරන බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු පදිංචි ස්ථානය සොයාගෙන බලපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.