ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පැවැති වැඩ බලන තනතුරු ස්ථිර තනතුරු බවට ඊයේ (19) පස්වරුවේ රැස්වූ විධායක තීරණය කළේය.
ඒ අනුවවැඩබලන සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා සහ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ පක්ෂයේ තනතුරු ස්ථිර තනතුරු ලෙස භාවිතා කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම විධායක සභාව වැඩ බලන සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02 ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.