වාද්දූව, මැලෑගම ප්රදේශයේ නිවසක සිටි අඹු-සැමි යුවළකගේ රන් භාණ්ඩ තවත් කාන්තාවක් විසින් කොල්ලකා පළාගොස් තිබේ.
බස් රථයකදී අහඹු ලෙස හමුවූ කාන්තාවක් විසින් මෙම කොල්ලය සිදුකර ඇති බව අදාළ යුවළ සඳහන් කර ඇත.
කතරගම – කොළඹ බස් රථයකදී අඹු-සැමි යුවළකට පසුගියදා අහඹු ලෙස අදාළ කාන්තාව හමුවී තිබුණි.
එහිදී හිතවත් වූ කාන්තාව අනතුරුව වාද්දූව, මැලෑගම ප්රදේශයේ පිහිටි අදාළ යුවළගේ නිවසට පැමිණ ඇත්තේ, ඔවුන්ගේ පුත්රයාට රැකියාවක් ලබාදෙන බව පවසමිනි.
නිවසට පැමිණීමෙන් පසු කොල්ලකාරිය විසින් තමන්ට කෑමට යමක් ඉල්ලා තිබේ.
කොල්ලකෑමට ලක්වූ නිවසේ කාන්තාව,
“එයා තේ ඒක බිව්වේ එහෙට මෙහෙට ඇවිද ඇවිද. මගේ තේ ඒක ටිකක් රස්නය අඩු වුණාම මම එකපාරටම බිව්වා. ඒ්ත් එක්කම මට ටිකක් කැරකිල්ලක් වගේ ආවා. ඊට පස්සේ මට කල්පනාව නැහැ.”
අනතුරුව සැකකාර කාන්තාව සූක්ෂ්ම ලෙස අදාළ නිවසින් පළගොස් තිබේ.
ඒ එම යුවළ සතුව තිබූ රුපියල් ලක්ෂ 6ක පමණ රණ් භාණ්ඩ සොරාගැනීමෙන් අනතුරුවය.
කොල්ලකෑමට ලක්වූ නිවසේ කාන්තාව,
“බ්රහස්පතින්දා වෙච්ච දෙයින් මට සිහිය ආවේ සිකුරාදා පාන්දර 1ට විතර. ඒ වෙලාවෙත් මට වෙච්ච දේ මතක තිබුණේ නැහැ.”
අනතුරුව කොල්ලකෑමට ලක්වූ අඹුසැමි යුවළ සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්රියාත්මකය.