අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කාලගුණ තත්ත්වය යහපත් අතට හැරෙන තුරු සහන කටයුතු පවත්වාගෙන යන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජීවිත අහිමි වූවන් වෙනුවෙන් වන්දි ලබාදීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි.