උපන් හැටියේම දරුවකු මිය ගියැයි කියන සිද්ධිය සම්බන්දයෙන් වාහාම ඩී.එන්.ඒ පරීක්ෂයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ නියෝග කළේය.
වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුව පදිංචි තරුණ අඹු සැමි යුවළක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ කරුණු දැක්වීමෙන් පසු එම නියෝගය කළේය.
පෞද්ගලික වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 22 වෙනි දින රාත්‍රි 11:30 ට පමණ ත්‍රී රෝද රථයකින් මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කොට තිබිණි
ඇය ඉකුත් 24 දින අළුයම 2 :41 පමණ සිය දරුවා බිහි කළ බවත් එම දරුවා තමා වෙත නොලැබුණු බවත් පසුව එම දරුවා මියගිය බවට විවිධ පරස්පරතා අදහස් රෝහල් බලධාරීන් විසින් පැවසූ බවත් එ අනුව ඒ පිළිබඳව තමන්ට සැකයක් ඇති බවට එම තරුණිය කොටවිල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
ඒ අනුව කොටවිල පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු ඉහත නියෝගය කළේය.