පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නායයෑම සිදුවූයේ පසුගිය සිකුරාදා දිනයේය. නිවාස රැසක් පස් තට්ටුවලට යටවී ගියේ,ඒවා තුළ සිටි පිරිස් පණ පිටින් වළ දමමිනි.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නොකඩාවි සිදුවන නමුත් ඇද හැලෙන මහ වැසි ඊට බාධාවක් වී ඇත. නායයෑමට හසුවුණු නිවාස ගණන 150 කට වැඩිය.