ගිංතොට පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදි ඊයේ සිදු වූ දුම්රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුනු කුමාරී සිඝ්රගාමී දුම්රියේ එම යතුරු ගැටී ඇති අතර යතුරු පැදියෙ ගමන් ගත් තරුණයන් තිදෙනාම මිය ගිය බව ගාල්ල පොලිසි අධිකාරි කාර්යාලය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමේ කැකිල්ල මන්ඩිය පදිංචි විසි හැවිරිදි තරුනයන් තිදෙනෙකි.
ඔවුන් අද සවස යතුරුපැදියෙ ටයරයක් මාරු කර දන්සල්වලට යාම සදහා යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවූ තැනම එක් තරුණයකු මිය ගොස් සිටි බවත් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බවත් පොලිසිය පවසයි.