නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් පවතින් වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ දකුණ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වඩා ඉතා තද වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තරමක වැසි ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු,උතුරුමැද බස්නාහිර,දකුණ සහ වයම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට තද සුළං ඇති වේ.