අධික මීදුම මධ්‍යයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් ඊයේ 22 කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර බ්ලැක්වුඩ් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි දහසකට වඩා අධික ප්‍රපාතයකට පෙරළී ඇතැයි ද එහි රියදුරු ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයි ද හපුතලේ පොලීසිය පැවසීය.
හපුතලේ සිට බලන්ගොඩ දෙසට සිමෙන්ති ගල් පටවාගෙන ගමන් ගත් ලොරි රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.
ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදීමට උත්සාහ කරන අවස්ථාවේ ප්‍රධාන ලාම්පු එළිය සහ අධික මීදුම් තත්වය නිසා මාර්ගය පැහැදිලිව නොපෙනී ගොස් පාරෙන් ඉවතට පැන ලොරිය පෙරළී ගිය බවත් තමා ලොරියෙන් පැන දිවි බේරාගත් බවත් එහි රියදුරු පොලීසියට පවසා තිබේ.
මේ දිනවල දවසේ වැඩි කාලයක් දැඩි මීදුම් තත්ත්වයක් හපුතලේ නගරය හා ඒ ආශ්රිත ප්‍රදේශවලට පවතින බැවින් විමසිලිමත්ව රථවාහන ධාවනය කරවන ලෙස හපුතලේ පොලීසිය රියදුරන් ගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් අධික මීදුම් තත්ත්වයක් පවතින අවස්ථාවලදී පොලිස් නිලධාරීන් යොදවා ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් වාහන ධාවනය කිරීමට රියදුරන් දැනුම් වත් කරන වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බවද හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේපාල රත්නායක මහතා පැවසීය.