බන්ධනාගාරගත රැඳවියන්ට වෙසක් පෝය වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලෙස අද සහ හෙට (23 සහ 24) අමුත්තන් පෙන්වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
එම දිනවල රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය පමණක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත්වන පරිදි පමණක් ලබා දීමට අවස්ථාව දෙන බවත් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ ක්‍රියාත්මක වන බවත් දිසානායක මහතා කීය.