සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි බත්තරමුල්ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ මාවතේ ‘ප්රවීණයන්ගේ නිවහන’ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (22) සහභාගී වෙමිනි.
විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.