ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුර 05කින් පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.
ඊයේ (20) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
පුදුකුඩිඉරුප්පු, මුලතිව් පරන්තන් මාර්ගයේ මුංගිල්ආරු ප්රදේශයේදී ට්රැක්ටර් රථයක ටේලරය පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් මියගොස් තිබේ.
වට්ටකච්චි දෙස සිට මුල්ලියාවේලි දෙසට ධාවනය වූ ට්රැක්ටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ට්රැක්ටර් රථයේ ටේලරය පෙරළීමෙන් එහි ගමන්කළ මගීන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා මුංගිල්ආරු රෝහලට ඇතුළත් කිරීමේදී තම්බිරාසපුරම්, ධර්මපුරම් ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මරණකරු සමග එම ට්රැක්ටර් රථයේ මගීන් 14 දෙනෙකු ගමන් කර ඇති අතර මුල්ලයාවේලි පොලිස් වසමේ කෝවිලක පවත්වනු ලබන උත්සවයකට සහභාගි වීමට මොවුන් මෙලෙස ගමන් කරමින් සිටියදී අනතුර ලක්ව ඇති බව පොලීසිය පවසයි.
මේ අතර මීගමුව – දිවුලපිටිය මාර්ගයේ ත්රිරෝද රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් බලන්තොට ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි ත්රීවිල් රථ රියදුරු මියගොස් තිබේ.
ඇඹිලිපිටිය – නෝනාගම මාර්යේ හල්මිල්ලකැටිය ප්රදේශයේදී ලොරි රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් තුවාල ලැබූ ත්රිරෝද රථයේ රියදුරු හා එහි ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී ත්රිරෝද රථ රියදුරු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, දික්වැල්ල ප්රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයකි.
මේ අතර තෙලිල්පලේ පොලිස් වසමේ අලවෙඩ්ඩි – මයිලොඩ් අතුරු මාරගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 35 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරපැදිය පදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි රුහැන් කණුවක ගැටී එම අනතුර සිදුව තිබුණි.
මේ අතර කුලියාපිටිය – නාරම්මල මාර්ගයේ තුම්මෝදර ප්රදේශයේදී යතුරපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.