ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගබඩා කර තිබු වැලි තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් හදිසි වැටලීමක් කළ බවට තොරතුරු අනාවරණය වේ.
විවිධ අපරාධයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණ භූමියේ ගබඩා කර තිබු වැලි තොග අතුරුදන් වී ඇති බවට අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇතැයි වාර්තා වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ විනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චන්දිම බණඩාර මහතා ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇති අතර ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයිද වාර්තා වේ.
ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට උදෑසන 9.00ට පමණ පැමිණී අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායම සවස 3.00 පමණ වනතුරු අදාළ විමර්ශන කටයුතුවල නිරත වු බවද වාර්තාවේ.