විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ජාතික ජන ජන බලවේගයෙන් නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට දේශපාලනය වෙනස් විය යුතු බැවින් අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක් නොව මෙය මුළුමනින්ම අපේ රටේ දේශපාලක කණ්ඩායම් ඇති කළ ව්‍යසනයක් බව කී දිසානායක මහතා ප කවුරු කැමති වුණත් අකමැති වුණත් මෙය වෙනස් කළ හැක්කේද දේශපාලන වෙනස් කිරීමකින් පමණක් බවත් ඒ මහතා කීය.
ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැති ජන රැළියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.