පොළොන්නරුව උණගලාවෙහෙර නිවසක කාමරයක් තුළ අඩි විස්සක් පමණ ගැඹුරට වළක් හාරා නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි දෙදෙනකු, කැනීම් කිරිමට, යොදාගත් ස්කෑන් යන්ත්‍රයක් සහ තවත් උපකරණ තොගයක් සමග, ඊයේ පෙරවරුවේදි සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, පොළොන්නරුව උණගලාවෙහෙර සහ කොළඹ, ඕලන්දගම හැඳලවත්තල ප්‍රදේශයේ පදිංචි,වයස අවුරුදු 23 සහ 32 වයසේ දෙදෙනකු බව අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, පොලිස් පරීක්ෂක, ආර්.එම්.පී ජයකැලුම් මහතා සඳහන් කළේය.
ඕලන්දකම හැඳලවත්තල පදිංචි සැකකරු කරණවෑණියෙකු වන අතර අනෙත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අයකු බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.